ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යාළුවේ ඔය ඇති..

යාළුවේ ඔය ඇති..

වෛද්‍ය මංජුලා පියුමාලි ද සොයිසා
2023-December

මතින් මත හැරං පේමෙක එදා රැකී
හිතින් පේවේද තාමත් ඇයට සකී
ඉතිං පවසපං තතු මෙතුවකුත් නොකී
තතින් තත සින්ද මතකය නැතිද මැකී

ඇසින් ඇස දුරස් වුවත් දුරක සිට
දොසක් නොදැක සෙවනැල්ලත් නිදොස් කොට
රසක් කරන් විස පිරි මතකයක් යට
හිසක් හෙවුම අදහන්නට හැකිද මට

තියා හදක පෙම යයි කී පතොක් කටූ
සොයා කල් මරනවද මල් බෙදන නටූ
ගිය ගිරවිට යළි එන්නට නැහැලු තටූ
ලියවන්නට තුට යළි පෙරළපන් පිටූ