ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තෙප්පනාවේ ගුණවර්ධන කිවිඳු

තෙප්පනාවේ ගුණවර්ධන කිවිඳු

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
2023-July

අගනුවර තරුණ කවි සමාජයේ (අතකස) හිටපු උප සභාපති වරයෙකු වූ කිවිපති තෙප්පනාවේ ගුණවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වුයේය.
මේ කවි පෙළ විශේෂයෙන් ඒ නිමිත්තෙනි
***************************************
අවි යක් වගේ කවියෙන් පෑ සොදුරු මත
සවි බල ගැන්වුණේ යහපත් සතර අත
කවි යෝ අතැර ගිය සඳ, දිලි අඹර වත
කිවි දුනි! තෙප්පනාවේ අද ඔබත් නැත
—–
හෙළ ජාතික ඇදුම සියොළග සිරින් පිරි
නිල ලත් නොලත් කවියෙකි සිටි වැඩුව දිරි
පිල කොයි පිල වුණත් අතකස සමග සැරි
මල පරවුණා විකසිත මහමෙරෙහි ගිරි
—-
දිය තෙහි දිදුල තරුවකි මැද අතර සබ
විය පත් වුණේ මිනිසෙකු ලෙස පමණි ඔබ
අය වැය අසම බර වුණි මුත් නොමැති හබ
සිය හද පිරුණු යහපත් කම තමයි සුබ
—-
එක විල සුපිපි සියපත් කවි විලෙහි දිය
ටික ටික ගිලිහෙතිය මිලිනව ගෙවෙන විය
දැක දැක වෙනස් වන ලෝකයෙ දහම නිය
ලක ඹර නිවේ කවි තරු දොම්නසකි එය

ගගුලක් ගලන ලෙද කී හිටිවන කවිය
දහසක් දෙනෙත් අංජන කළ හඬ සවිය
සයුරක් පබා කල නෞකාවක නැවිය
සැනයක් පුරා ඔබැ සිහිවෙන සිත දැවිය

සවනට මදුවිතක් වන් අමරස දෙන්න
ඔබහට උරුම කවිකම යළි රජයන්න
බවයට ඇතත් කළ පින් එතෙරව ඉන්න
නිවනට නොගොස් තව සැරයක් මෙහි එන්න
================================
කලාභූෂන කිවිපති කවිධජ
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
(අතකස හිටපු සම ලේකම් )
******************************
18/6/2023