ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැඩිහිටියන්ට පමණයි

වැඩිහිටියන්ට පමණයි

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
2024-February

(කසාදයෙ අර්ථ කථනය)

පුරුෂයාට
කසාදය වනාහි
චංචල දේපලක් වුව
නිශ්චල දේපළක ද ලකුණුු ඇති
ප්‍රියමනාප
සුරතල් බස් බෙණන
ඉතිරි සිරුරක්
සින්නක්කරේට පවරා ගෙන
ගෙට ⁣ගෙන ඒමයි.

එතැන් සිට
වෙලාවේ හෝ අවේලාවේ
වේගයට ඉඩ දී
නෑ මිතුරු අසල්වැසියන්ගේ
ඇස් වසා
(ඒත් උන් දන්නවා බලා හිටියා වාගෙ)
ඒ සිරුර රිසි පරිදි තලා මිරිකා
( ඇයත් කැමැතියි එයට)
ගලන මධු රසය උරාබීමයි
එක ම අරමුණ
ටිකක් රිදුනත් ඇය සුරතල්
ඔහු ටිකක් වැඩිහිටි

රසය උදේටත් රෑටත් එක වගේ
අමෘතය වුණත් තිිත්තයි
දිගට බොන කොට
එහෙමයි එන්නේ
සින්නක්කර දේපල
වගා කරන සිතිවිල්ල
නොකළහොත් කැලෑවට යන්න
ඉඩ නැත්තෙමත් නැතිි නිසා
( එහෙමයි චංචලය නිශ්චල දේපළක් වෙන්නෙ)

ගැහැණියට කසාදය වනාහි
උපන් ගේ ඒකාකාරි වෙනකොට
සම වයස් කෙල්ලන් කොල්ලන් හා
බැල්කනි වල සිනමා බලන කොට
අතින් අත පටලා
වෙරළ ඇවිදින කොට
උන්ගේ ඇඟිලි තුඩුවෙන්
සිරුර කිතිකවන කොට
දැනෙනවා යයි කියන සුවයට
ළං වෙන්න,
දන්නා කිසි ම එකියකට
දෙවෙනි නොවෙන්නට
උන්ට ඩිංගක් ඉරිසියා හිතෙන්නට
නෑ සිය මිතුරු කැල මැද
බෙර ගසා පෝරු නැඟ
තුරුළු වීමට ඇති ආශාවේ
කූට ප්‍රාප්තිය යි.

දුන්නත් සිරුර සින්නක්කරට
දෙන්නෙ නෑ හිතුමතය ඇය
ආඩතාඩෙට

හිතුමතෙන් තමයි නටවන්නෙ
සින්නක්කරය එතැන් සිට.
සුරතල් ටිකෙන් ටික අඩු කර
වැඩිහිටි ආරූඩයක් ඇරගෙන

හ්ම් හා නෑ වගේ කෙටි වදන්
මුහුණු බුම්මා
ආඩ පලි වදන් ගල් අහුරු
බැරි ම නං කඳුළු කැට
නුදුන් හිතු මතයෙ බර අවි
තවත් තිිිියෙන⁣ව
පොතේ හැටියට හැටක්
හෝ වැඩි

කාලෙයාගේ ඇවෑමෙන්
ඔහුට චංචල දේපළේ
සිනනක්කරය ඇතත්
හිතු හිතූ මධු පාන
අවසර ඇතොත් පමණයි
හිතෙන්නෙත් ඉඳ හිට
පෙර වගේ මධු රසත් නෑ
නැතුවාට කමකුත් නෑ
සොයන්නෙත් පුරුද්දට වගේ
ඒත් වගා කළ නිසා චංචලය
නිශ්චල කළ නිසා
රැකිය යුතු
මෙතෙක් කළ වගා
බලාගත යුතු
වැඩි දියුණු කළ යුතු
නීතියෙන් කියන්නෙත් එහෙමයි
දාල යනව නං බොරු ආඩ තාඩෙට

07-07-24

Photo – Alvin Mahmudov