ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තරහ තියන් ඉන්න එපා.. අතහරින්න

තරහ තියන් ඉන්න එපා.. අතහරින්න

නයනශාන්ති දිසානායක
2023-August

වළාවෙන් මිදුනා ම නේ හදක් ලස්සන
මුලාවෙන් මිදුනාම නේ හිතක් ලස්සන
මුදා බර සුසුමකින් කරන් මුව ලස්සන
පිබිදෙන්න ඉඩ දෙන්න හැඩ ම මල් ලස්සන

ඉඩ දෙන්න ගෙනයන්න සුළගකට ගසාගෙන
අමනාප කලුවලා ගොරවමින් කැකෑරෙන
සිනහවක සැහැල්ලුව හිත පුරා දරාගෙන
සොදුරුතම මතක මත විතරක් ම නවතින්න

හිත දන්න හරි ඇත්ත වචනයෙන් වසාගෙන
සීතාම්බර සලුව උඩගුකම බව නොදැන
කල් නොමර දුර නොගොස් නිවීසැනහී ගන්න
මිට මුදා හැර බලනු බලෙන් රදවා නොගෙන

සද බැබලුන නමුත් එළිය අරගෙන ඉරෙන්
අමාවක දා එන්නෙ ඉරට ගතු කියවමින්
ඉර දරා හිටියා ට හැමදාම ආදරෙන්
තරු ත් බිම වැටෙනවා ගිනි අරන් අහසෙන්