ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තනියම

තනියම

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
2024-March

හිරු එළියකින් මීදුම පහවෙන පරිදී
සැණකෙළි මතක නිමවිය අඳුරට ඉඩ දී
සළුපිළි පැලඳි සෙනෙහස පෝරුව මතදී
නවදැලිහේන ලෙස අළු වී ඇත ළඟදී

තනිවුණ ගෙදර දොර උළුවහු හැම දේම
වැලපෙන සොඳුරු නටබුන් ලෙස වෙයි තාම
දවසට දෙකට වැහැරුණ අත පය පෙනුම
වයසට වැඩිය මහලුව ගිය හැටි පුදුම

කුසගිනි ඇතත් නොගිලෙන උගුරෙන් පහළ
නිසි පිළිසරණ නොදැනෙයි කිසිවෙකු අසල
දිරි ගමි මුහුණ දෙන්නට සඟවා කඳුළ
නොපතමි නපුර බැස ගිය මුත් සඳ මඬල