ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අපත් ඔබ මෙනි -ඔබත් අප මෙනි ..

අපත් ඔබ මෙනි -ඔබත් අප මෙනි ..

වෛද්‍ය පද්මලාල් පතිරගේ.- ඇතුල් කෝට්ටෙ.
2021-September

ඈත දුර සිට මෑත වෙරළට
පෙරළි පෙරළී ඇඔරි ඇඹරී
නීල සමුදුර පරදවාලා
නොනැවතී ඔබ ගලා එන්නේ.

ඈත සිතිජය වෙතින් නැඹ හා
එක්ව සතුටින් ගී ගයන්නද
රුදුරු වැලි තල හා සටන් වැද
ඈත දියඹට නැවත යන්නේ.

මැරී ඉපදී යළිත් සැනසී
ඈත දිස්වන රුදුරු දියඹට
ගලා යන මුත් කිසිඳු දිනයක
ඔබට හමුවිය නොහැක ඒ නැඹ.

පැතුම් හදවත් තුල දරා ගෙන
කාලයේ වැලි තලාවක් මත
මැරී ඉපදී යළිත් සැනසී
ජීවිතය ජය ගන්න දිවයන
අපත් ඔබ මෙනි – ඔබත් අප මෙනි.