ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජාතියේ යශෝරාවයයි

ජාතියේ යශෝරාවයයි

මුදිතා ඩයස් - කොට්ටාව
2023-December

කඩමණ්ඩීයේ දොල අයිනේ ඉදන්
රුක් අත්තන මල මුදුනින්
සැදෑකලුවර වැටෙන වෙලාවට
තරුත නිදන මහ රෑ
උඩගු ලියන්
දේවදාසියන්
සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ ඉදන්
කුරුටු ගෑ ගී පොත දිග හරින්නේ
බුද්ධානුභාවයෙන්යැයි ගයමින්
ගෙඩි සීයයක් බිම හෙලූ අප්පච්චි
අම්මාවරුන්ගේ
හඩනා කදුලු
ගිරි කුල පාමුල
රම්‍ය සදකිරණක් සේ දිලෙන්නට ඉඩ හැර
ගලන ගගක් ගැන කියමින්
ජීවිතේ ගැන වගේම
සරා සොදුරු මල්
රන්කෙන්දෙන් බැදුණු
ප්‍රේමය
පෙම් රැහැනින්
බිදගත්ත හැටි
හරි අපූරුවට
ගයන ඇය
ජාතියේ යශෝරාවයයි
කොටහේනේ උඩවැඩියා මලයි

කොට්ටාව