ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අවුරුදු කුමරියයි – මවුගෙ සිනහවයි

අවුරුදු කුමරියයි – මවුගෙ සිනහවයි

පෝල් පීරිස් - ලන්ඩනය
2021-May

(මීට හැටපස් වසරකට පෙර මා දුටු අලුත් අවුරුදු දිනයෙන් අප සිංහල බසේ නව පිබිදීම ඇරඹුනි.

“පැය විසි හතරකින් සිංහල” යන පාඨය මත රජයක් දිනූ ජනයා ඵදින උත්සවය  අති ගෝෂාකාරීව පැවත්වූහ.
ඵ් සමගින් ආ බුද්ධ ජයන්තිය සහ “සිංහල පමණයි පනත” විසින් සීයයට අටක් පමණක් ජනයා කථාකල
ඉංග්‍රිසි බසේ ග්‍රහණයෙන් අප මවුබස මුදාගන්නට හැකිවිය. දැන නොදැන හෝ සෑම ගෙදරකම මෑණියන්
භාවිතා කරන සිංහල මවුබස නව පිබිදීමට තුඩුදුන්නේය. ඵය සැමරීමට මව පිළිබඳව මෙම කවිය නිර්මානය කලෙමි.

වසර දශක ගනනක් පසුවුනෝතින්
ජීවන ගමන පිළිගන්නට වේ සතොසින්.
කළුවර නිලෙන් දිලෙනා
ඔබ කෙස් කළඹ
සුළඟේ වැනෙයි වර්ණව
අළු වලාවක.
නිසසල මුහුදේ ගිලි චන්ද්‍රයා
ඔබ මුහුණ
ඵහි මතුවෙවී රැළී
සමුද්‍රයේ මෙන් ම
කළුවන් රිදීයෙන් දිලිසෙන
නෙත් යුවල
ඔබටත් හොරෙන්
මැලවී යන්නටත් හැක
මිහිරි හඞක් නගනා
ඔබ ගේ මුඛයේ

ගීත ශ්‍රව්‍ය එලෙසින්
නොතිබෙන්න හැක
ඵනමුත් ඔබෙ දෙතොලෙන්
එන සිනහව ට
හැකිවෙයි ඔබෙ දරුවන්ගෙ දරුවන් ට
හඞනා විට සිඟිති සිනහා  නගන්න ට
වසර දශක ගණනක් පසුවුනෝතින්