ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගෑනුම තමයි

ගෑනුම තමයි

ලක්ෂිකා රත්නායක
2023-December

හමු වෙලා තියෙනවද toxic ගෑනුන්ව
නිතරම ප්‍රශ්නයක්ම හොයන
නිතරම ප්‍රශ්නයක් ඇති කරන
ප්‍රශ්න වලට උත්තර පෙනී පෙනී
ප්‍රශ්නයක්ම තෝරගන්න toxic ගෑනුන්ව !!!

හමු වෙලා තියෙනවද මහන්තත්ත ගෑනුන්ව
වටේ පිටේ බහුතර පිරිමි
එයාට කැමති වෙන්න ඕන කියලා හිතන
එහෙම කරව ගන්න
ඒ පිරිමි නොදැනම
ඒ පිරිමි ලව්වාම
තමන්ට ඕන දේ කරවගන්න
ඒ පිරිමි ගාව ඉන්න
තමන් වගේම ගෑනුන්ව
ඒ පිරිමි එක්කලාම පහත් කොට සලකන
තව ගෑනියෙක්ට හිනා වෙන
මහන්තත්ත ගෑනුන්ව !!!

හමු වෙලා තියෙනවද outgoing ගෑනුන්ව
තමන්ගේ relationship එක
පුදසුන මත තබා
පැන් ඉස රැක ගන්නා
අනික් ගෑනුන්ගේ relatioship
බල්ලට ගියාවේ හිතන ගෑනුන්ව
තමන් නිසාවෙන්
බිඳී විසිරෙන සබඳතා දිහා
නිවී සැනසී බලා සිටින
outgoing ගෑනුන්ව !!!

හමු වෙලා තියෙනවද රිද්දන ගෑනුන්ව
තමන්ගේ ජීවිතය උඩු යටිකුරු කළ
හදවත නෙත් අගටම අරන් අඬවපු
තම හදවත කීතූ වලට ඉරෑ දේම
අනික් ගෑනුන්ටත් සිද්ධ වෙන විදියට වැඩ කරන
out going ගෑනුන්ව !!!

හමු වෙලා තියෙනවද
කිසිම ගෑනියෙක්ට ගරු නොකරන
කිසිම ගෑනියෙක්ට වටිනාකමක් නොදෙන
තමන්ගේ දේ නාග කන්‍යාව සේ රකින
අනික් ගෑනුන්ව විනාශ කරන
toxic
මහන්තන්ත
out going
රිද්දන
ගෑනුන්ව !!!!