ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

වෑත්තෑවේ නා හිමි
2021-July

බරණැස සිට පැමිණි වෙළෙඳුන්ගේ සිත් සතුටු කොට නතුකර ගැනීම සඳහා මූසිල විණා වාදනය කරයි.

මින් මුන් මනායා
කෙරෙමියි තොස මනායා
සිතින් සමනායා
කෙළෙද වීණා ගායනායා

එහෙත් වෙළෙන්දන් එම වාදනය අසා සිටින්නේ කිසිම ලෙසකින් සතුටුව නොවේ.
කොටින්ම ඔවුන් අසා සිටින්නේ නොදන්නා භාෂාවකින් කියන දෙයක්
අසන්නාක් මෙනි. ගුත්තිලයන්ගේ වෙණ නද අසා ඇති හෙයින් අන් සියල්ලම
ඔවුනට මිහිරි නැත්තේය.

බසකින් නොදන්නා
කියන පුවතට පෙන්නා
නොසතුටුව ඉන්නා
දනන් මෙන් උන් බලා උන්නා

සටහන; ‘දනන් මෙන් උන් බලා උන්නා’ කීමෙන් වෙළෙන්දන් වුවමනාවෙන් ම
එසේ කෙළේ දැයි කුකුසක් හටගනී. ‘මෙන්’ යන්නෙන් එය තහවුරු කළ හැක.