ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මෙට්ටෙ හොඳටම සවුත්තු වෙලා

මෙට්ටෙ හොඳටම සවුත්තු වෙලා

නුවන් තොටවත්ත
2021-October

“මෙට්ටෙ හොඳට ම සවුත්තු වෙලා” – බිරිඳ

සැබෑ ය
වල ගැසී ගොස් ය
සුව පහසු නැති ය
නුඹ මා නිදන දෙතැන

එහෙත් ප්‍රිය සබඳ,

තවමත් ඉතිරිවැති
සුවපහසු තීරුවකි
අප දෙදෙනා වැතිර
නිදනා දෙතැන අතර