ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගී ලොව රැජින

ගී ලොව රැජින

භික්ෂුණි ධම්මදරා - ලන්ඩනය
2023-December

ජාතිය ආගම දේශය ගැන ගී ගැයූ ඔබ
ගීත ලෝකයේ හෙළ අග රැජින වූ ඔබ
දශක ගණනක් අපේ දෙසවන් පිනවු ඔබ
අභිමානයෙන් ගෞරවයෙන් තුති මල් පුදමි ඔබ

සය අවුරුදු වියේදී ළමා ගී ගයා
ඇරඹුවා ඔබේ දිවිය ගී මග සොයා
කොටහේන ගුණානන්ද විදුහලෙන් මෙයා
ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට ගියා

සරණාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකරයාණෝ
ගීතය ගැයීමට අත දුන් ගුරු අමරදේවයාණෝ
තවමත් ඔබ සිහි කරයි ඒ ගුරු පියාණෝ
ලදිමි පලවෙනි සිහල චිත්‍රපට සම්මාන යාණෝ

උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
උඩඟු සමාජය අසිරිමත් ලෙස විග්‍රහ කරන්නට
රසවත් ලෙසින් මිහිරි හඬින් දෙසවන් පිනන්නට
හැකි වුණා ඔබ හට ගී ලොව රැජින වන්නට

මැතිණියනි ඔබ ලැබූ ජනපති සම්මාන
දස්කම් විස්කම් විශාරද සම්මාන
මෙතකැයි කිව නොහැක සරසවි සම්මාන
ඔබ ලැබූ නිරහංකාර ජනතා සම්මාන

නිම කළ නොහැක ඔබගේ ගී මිහිර
එතෙර මෙතෙර දෙසවන් පිනවූ රුසිර
කවි සටහනක් කලබලයෙන් තැබූ අතර
දීඝායු පතමි ගී කෝකිලාවිය අමර

ලන්ඩන්හි ධම්මදරා මෙහෙණින් වහන්සේ