ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

එකගෙයි මනාලිය කී කව…

එකගෙයි මනාලිය කී කව…

පුෂ්පශාන්ත සමරනායක - මොරටුව
2023-February

එක්ව කැන්දා රැගෙන ආ
නෑ, පරපුර…
ආදරය කඩ කඩා දී
කැබලි කර කර…
ලොවට හංගා දවන හිත
ඇති කරදර…
ගැහැණුන් ද පිරිමින් ට
සතුටක යන්තර…

දේපළක හිමිකම්
පතා පරපුරට…
වසා හද හිර කලත්
අඩවන් දොරට…
හිමිකමක් මිස අයිතිය
නොදන්නා කුසට…
කුමට පින් අනුමෝදනා
පින්තාලියට…

දරුවාට පිය හිමිකමත්
කර භංග…
මාරුවෙන් මාරුවට හද
උඩ නැංග…
උන්නත් මහතුනේ ලොවට
හංග හංග…
නිරුවත්ය හැමදාම ඔය
පුරුෂ ලිංග….