ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගම්භාර දෙවි!

ගම්භාර දෙවි!

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
2022-March

පුජා වට්ට් මල්මාල
පිංපෙට්ටි ඇති
තිරයකින් වටකළ
පෙනෙන නොපෙනන
ඉබේ පැළවූ
කාක බෝධි යට පිටදී
බෝඩිම් වී සිටින
ගම්භාර දෙවි තෙමේ
උඩින් වු අතු පතර
එල්ලී නිදන
වවුල් කැල බිම හෙලන
වසුරු පිඩ
දෙවිම බැහැ මගහරින්න
ගම්භාර දෙවි තෙමේ
නරයින්ට සෙත හදන්න
24 පැයම ඔන්ඩියුටි
සෙල්ජ සේමිස් දෙවි
පොල්තෙල් පහන් සිල
නිමී ගොස් මිල වැඩි නිසා
ලාභට ඉටි පහන් සිල
සැලෙයි දෙවි ඉදිරියේ
ගම්භාර දෙවි තෙමේ
හොද වෙලාවට
දෙවි වුණේ
නැත්නම් සුවර් මයි
කොරෝනා ඇවිදින්
තිරය සමගින්ම
වලේමයිනෝ කථා!