ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගබ්සා වූ ප්‍රේම කළලය

ගබ්සා වූ ප්‍රේම කළලය

සචී ජයවර්ධන
2022-December

තවත් නම් ඉන්න බැරි වුණා
යටිබඩ මැද්දෙන් පලාගෙන හදවත මැදින් ආවේ ගැලවිලා
ගබ්සා කරත් ඉකිගහලා හඬුනේ එදා
ඒ ප්‍රේමයේ කළලයක් නිසා

පෙරලන්න හොඳ පොතක් වුණත් ඉකිගසා
අතට ගත් වාරුවට පිටු පෙරලනවා විනා
විශ්මයේ විශ්මලන්තෙක ඉපදුණු මා
කොහොම කියන්නද මේක අත් නැති අත්වාරුවක් කියා

බැඳීමක් ගැන හිතීමත් කටු ඇනීමක් නිසා
මහා වනයක් තිබියදිත් සුව විඳීමක් තකා
ගොහොරු මඩ තලි අනේ අතගා තප්පුලන මා
කොහොම වැදුවද ප්‍රේම අරණේ නොමළ බිළිඳා