ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කෙටි සංවාදයක්

කෙටි සංවාදයක්

රවීන්ද්‍ර රන්දෙණිය
2021-May

රවීන්ද්‍ර රන්දෙණිය කිවිඳා පහත සදහන් කවි දෙක 30/04/21 අප වෙත විනෝදය පිණිස එවා තිබිණි. එඩ්වඩ් ජයකොඩි කිවිඳු ඔහු වෙත එවූ කවියක්ද එයට ඔහු විසින් ලියු පිළිතුරු කවියක්ද විය.

අදයි පෝය බක් මාසේ
සදත් එබෙයි හොර රාසේ
කොරෝනා සමග වාසේ
වසා ගනිමු කට-නාසේ

ඉතින් මාත් මෙහෙම ලියුවැයි කියමුකො

වසා ගතත් කට-නාසේ
සුලගින් එනවලු රහසේ
සුවසේ ඉදිමුද කෙ⁣ලෙසේ
ලොව මරු සමඟින් වාසේ