ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔබ සුදු පියුම සැමදා මාහා රැඳුණ….

ඔබ සුදු පියුම සැමදා මාහා රැඳුණ….

නදී ශානිකා - මහනුවර
2023-September

කඩුපුල් මලක පෙති
මත පිණිබිඳු විසුල
පැහැදුල් සඳ කුමරු
වී සිතුවිලි අතුල
මනකල් හද විලක
සුව සුසුමක උඳුල
හැමකල් ඔබ හිඳී
මගෙ හදවත පතුල….

අරුණට පෙර පෙති
රැස හකුළුවා ගමි
ලොවටම සඟවමින
පපුතුර හොවා ගමි
සුසුමක ඉසිඹුවට
හෝ හැර නොයමි
සසරක පුරාවට
ඔබ හා බැඳෙමි….

ඉර සඳ සයුර නුබ
මඳනල හා රැඳුණ
ලොව පොබ කරන….
නෙක සැමදෙය
හා බැඳුණ
ආදරණීය හදක
සිතුවිලි එකතු ව
ඔප නැඟුණ
ඔබ සුදු පියුම
සැමදා මාහා
රැඳුණ….

– නදීශානි හේරත් –