ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නා හිමි
2021-November

තපසත් වයස කුල
ගුණ නැණ විකුම් දමින් වැඩුණත්
මෙ ඇමට ම වැඩියෙන්
දනවත් දනෝ ලෙව්හි බබළත්

තපස් බව, වයස, කුලය, ගුණවත්කම, නුවණ , වික්‍රමය
යන මේ සියල්ලෙන් දියුණු වූවත් , මේ සියල්ලන්ට ම
වඩා ධනවත්තු ලෝකයේ බබළති