ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

“නන්දා මාලිනිය… ගෝර්කිගෙ කථාවේ එන පාවෙල්ගෙ අම්මා නුඹය”

“නන්දා මාලිනිය… ගෝර්කිගෙ කථාවේ එන පාවෙල්ගෙ අම්මා නුඹය”

නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය
2023-December
වපුරා දූෂණය පාලක ජඩයො රැල
හිත් පිත් නැතුව අපෙ මව්බිම නසන කල..
මේකට එරෙහි වී නැගිටපු තරුණ තරුණ කැල.
වදකයො මරා ගිනි දැමුවා ටයර් තුල..
සරණක් නැතුව ලක් දරුවන් හඬන කල..
අම්මා කෙනෙක් වී අඳුරක් එළිය කල..
නන්දා මාලිනිය පවනෙන් හැමුව කල
එය ශක්තියක් විය විරුවන් එකලු කල..
රණ හඬ නුඹය හොර බලමුළු සලිත කල
වෙඩි හඬ නුඹය නිදි මිනිසුන් අවදි කල
හෙන කඳ නුඹය ජඩයන් සුනු විසුනු කල
අම්මා නුඹය අපි වෙනුවෙන් සටන් කල..
සුදු සාරියක් ඇඳ හිනාව මුව රන්දා
කොඳු ඇට ඔබේ සවිමත් වී තිබු හින්දා
සුමිහිරි හඬින් ඔබ හොර බලකොටු බින්දා
ඔබ වගෙ කෙනෙක් මේ ලක්දිව නැති හින්දා
ජීවත් වෙන්න දිගුකල්  මාලිනි නන්දා……