ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ළය රෝහලෙන් පිටව ගිය මිතුරා

ළය රෝහලෙන් පිටව ගිය මිතුරා

සෞම්‍ය ලලිත් කළුබෝවිල - අනුරාධපුරය (ප්‍රධාන ආගමන විගමන නිලධාරී)
2023-June

ඒ මහා රෝහලෙන්
නුඹ රැඳුණ…
නික්ම ආ කාරයේ
තාම තියෙනවා..
තෙල් බෙහෙත් සුවඳ ද සුමිහිරි …
හැළුණු ඔසු බඳුනක කෙඳි බිඳි…
හඬ නැති එකයි කාරණේ කිචිබිචි ..
සෙනෙහස පිරී ඉතිරුණු කෙඳිරිලි ..

දියකඩිති ළඟ අහර පැස ලඟ
කඳුළු බොහොමයි දෝණිගේ…
මතක කැබිලිති එකතු.කරනවා
අපි තනන නුඹෙ රූපයේ…

ඉතිරි නැතුවම ගිණුම හිඳුනම
නුඹට වෙන් කළ කාලයේ..
හිතෙනවා මම නතර වේවිද
නුඹට වෙන්කළ කාමරේ..
නුඹම උන් ළය රෝහලේ…