ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කඳුළු මල් …

කඳුළු මල් …

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
2022-February

බිඟු රැළ මන්මත් වී
මල් දැක මුසපත් වී
රඟන රැඟුම් ගයන ගැයුම්
සිත් මල් විකසිත වී.

දිනිඳු පෙමින් පැටලී
මල් කැකුළු ද සුපිපී
රොන් සුනු නැත තනිවී
බිඟු කැළ වෙත පුදදී.

මදනල සමඟ වෙළී
විහිදයි සුවඳ දිදී
ලොව අමතකය නිතී
බිඟු මල් සමඟ වෙතී.

කාලය දිගට යතී
රොන් සුණු ඉවර වෙතී
මල් පර වෙලා යතී
තනි වෙයි මිලින පෙතී.

රැය එයි සඳක් ලැබී
මල් නිසසලය මැකී
පිණි කඳුලැළිද වැටී
තුරු හිස් හඬයි නිතී