ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පෙම්වතුන්ගේ දිනයක් අවැසි නැත…

පෙම්වතුන්ගේ දිනයක් අවැසි නැත…

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)
2022-February

මල් පැලක් සේ සුවඳ විහිදන

පන්සලක් සේ නිවන සලසන

මව්ගෙ උකුළත සුවය කැඳවන

පෙම්බරිය මගෙ දිවිය බබලන

සෑම දිනයම මෙලෙස වේ නම්

ඕනෙ නෑ මට වෙනම දිනයක්

ජීවිතේ මගෙ ඇති තුරාවට

ආදරේ දින ඔබට පුද දෙමි.