ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කඩුපුල් රැඟුම

කඩුපුල් රැඟුම

නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව
2024-March

සඳ එලියේ පිබිදෙන​
හිමිදිරියේ මැලවෙන​
රැයකට විකසිත වන​
දුටුවන් වශී කරවන​

විස්මිත කඩුපුල් රැඟුම
ඉකුත් රැයෙහි දිටිමි මම​
මෙයයි ඔබ දොරට වැඩුම
එයමයි ඔබ​ අවසන් රැඟුම

නිමල අමිල​ කඩුපුල
නොනෙලා බලන් මේ මල​
අන් සතු නොවේ කඩුපුල
නෙලුවොත් නැසේ මේ මල​

ලෙලවා පෙති එක එක​
අඳුරේ පියකරු රැඟුමක​
නියුතු රුවැති දෙවඟනක​
දිටිමි විකසිත වන මලක​

කඩුපුල් මලෙන් ඉගැනුම​
අතිර බැව් දිවි පැවතුම​
බැවින් තව්කල් අප විසුම
දියන් සතහට රැඟුම උපරිම