ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔහු සහ මම

ඔහු සහ මම

ජයතිලක කම්මැල්ලවීර
2022-October

ඔහු කියයි අපට
“මා කියන දේ පිළිගන්නම අවශ්‍ය නැහැ
ඒත් ඉවසිල්ලෙන් සවන් දෙන්න
අනෙකාට සවන්දීම ප්‍රගුනකිරීම
අවශ්‍යයි යහපත් සමාජයක් ගොඩනගන්න”

මම හොඳින් සවන් දී හිඳිමි
වචනයක් වරදින තැනක් අල්ලා ගන්න
හොඳට රිදෙන්න දෙන්න ඔහුට
16-09-2022