ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

එකත් පස් පෙම…

එකත් පස් පෙම…

චන්දන මනෝජ් විතාන
2021-February

කිසිවෙකුත් අසන්නේ නැති
ඇසූවත් ලැබෙන ඵල නැති
සිත් පුරා පිපී පොපිදෙන
එකත් පස් පෙමක්…

මලුත් පිපුණු වැට දිගටම
දැනුත් නටන සමනල් කැළ
රොනුත් නොගෙන දුරින් දුරට
ගියත් ඉගිලිලා..
රැයත් නිදිවරා වැළපී
දුකත් තුරුළු කර හිනැහී
මලුත් සමනලුන් දකින්න
හෙටත් පිපෙනවා…

අදත් නුඹ එතැයි ඉපිලුනු
ඇසුත් පාරවා මග හැර
නොදත් නුහුරු බව පාමින්
ගියත් දුර බලා..
කැලත් පෙම් පැතුම් ගුලිකර
හිතත් තනිව ඉකිබින්දන
හෙටත් තව අදක් නොමවෙන්
මතුත් භව පුරා…..