ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සාමනේර

සාමනේර

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
2022-March

සාමනේර

පෝය සඳ මුදුන් වූ බෝ මළුව කෙළවරේ
සුදෝ සුදු සිඟිත්තන් කෙළිකවට හඬ ඇසේ
බොඳවෙමින් අවට ලොව යුග නයන කියූ දේ
සිල් සුවඳ මුසු සුළඟ කොහෙද අරගෙන ගියේ

ලොව නිදන යාමයේ මල් සිහින ලෝකයේ
ඔයේ ගිලෙනා දැනී ‘අම්මා’ යි කියවුනේ
අවදි වී අඳනකඩ නෙත ගැටුණු සැනෙකිනේ
ඉනූ උණු කඳුළු කැට රහසේම වියලුනේ

සමනල සිතුම් පිරුණු මුඩු හිසින් බිම බලා
කසාවත යට ලපටි බොළඳ හද සඟවලා
තෙවළා දහම් උගෙන අපිස් දිවියක් ගෙවා
සව් පැරුම් නැණ ලබන්නට හැකිද මෙලෙසිනා

කතුවරයා 2005 දී පළ කළ ‘ඇසි පිය’ කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත් පැදි පෙළකි.