ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගාලු මුවදොරින් නැගෙන හිරු

ගාලු මුවදොරින් නැගෙන හිරු

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2022-October

ගාලු මුවදොර – ඇවිද යන විට
දවසේ විසිහතර පැයේ
සුදු ඇඳ ගත් කළු මිනිස්සු
බියෙන් සැලෙන හැටි බලන්න
පුළුවන් වුනු හැටි මතකද

ගාලු මුවදොර – ඇවිද යන විට
දවසේ විසිහතර පැයේ
බඩගින්නට අසනීපෙට
කෑම ඉල්ලු- බෙහෙත් ඉල්ලු
ජනයාගේ වේදනාවේ
කඳුළු තවම සිහි වෙනවා

ගාලු මුවදොර – ඇවිද යන විට
දවසේ විසිහතර පැයේ
පොහොර නැතිව ගොවින් නගන
දුක් දොම්නස් වේදනාවේ
කඳුළු තවම සිහි වෙනවා

ගාලු මුවදොර – ඇවිද යන විට
දවසේ විසිහතර පැයේ
ගෑස් ජලය මුසු කරලා – විදි බැස්ස ජනයාගේ
කඳුළු තවත් වැඩි කළ හැටි
සිහි වෙනවා නිරතුරුවම

ගාලු මුවදොර – ඇවිද යන විට
දවසේ විසිහතර පැයේ
සිංහල – දෙමල – මුස්ලිම් – බර්ගර්
මේ හැමෝම
අත්වැල් අල්ලන් හිනැහෙන හැටි බලන්න
දැන් පුළුවන් වුනා නේද…

ගාලු මුවදොර – ඇවිද යන විට
දවසේ විසිහතර පැයේ
හිරු සේවය බලා ගන්න
කාලය ලං කර ගන්නට
ජනතාවම අවදිවන්න

27 සැප්තැම්බර් 2022