ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රකිමු ලියමු කියවමු ලන්ඩන්කවිය

රකිමු ලියමු කියවමු ලන්ඩන්කවිය

ලක්විජය සාගර පලන්සූරිය
2022-March

ඉපැරණි කවියෙ වටිනාකම අගය කල
කවි සිතුන් නිසි තැන නිති එකළු කල
ලොව හැම තැනක හෙළ කවි රැස් විසුම් කල
ලන්ඩන් කවිය නිති කියවමි රසය කල

යුග කොළඹ හෑගොඩ පුතු අනුර
වෙතින් ලන්ඩන් කවිය විදුගතවේ මසක්
ලෙසින් නොව ඉවසිලි හැම සිතුවිලි පැදි විලසින්
ලන්ඩන් කවිය රස වින්දෙමි කවි රසකින්

දහම සොභා ඉපනැල්ලට කවි ලිව්වා
නව පරපුරේ පද කෙරුමට ඉඩ හොවා
රට ගිය කවිය අත්දැකුමෙන් පද කෙරුවා
ලන්ඩන් කවිය මේ හැමකටම ඉඩ හැදුවා

පදයේ රසය හැම විට එක් තැන්වීය
තේම්ස් නදිය අසලින් එය රසවීය
හෙල පැරැකුම වෙනුවෙන් එය කැපවීය
රකිමු ලියමු කියවමු ලන්ඩන් කවිය