ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇවිද යමු

ඇවිද යමු

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
2023-December

හිරු එලියෙන් ගලාවිත් D විටමින් උදැසනම
සවි බල ගන්වයි ඇට කටු ගත පුරාම
ගස් වැල් මුදු සුළඟේ ලෙල දෙමින්
ජීව වායුව දසත පුරා පතුරවමින්
රඟ දේ මනරම්ව
ඉහලට ගන්නා හුස්ම පොදින්
විකසිතවු හදවත් ගැස්ම
රුධිර දහර ගත පුරා ගලා යවමින්
ගත පණ ගැන්වෙයි උදෑසන පිපුණ මලක්සේ
මේ ලස්සනම වෙලාවයි
එන්න නගෝ,…..ඇවිදින්න මාගම්පුරයේ
විලුඹ තබා ඉදිරියට
ගෙන උරහිස පෙරමුණට
නංවා මුදු සිනාවක් දෙතොලට
ජය සිකුරුයි අපි දෙන්නාට,…

23/11/2023