ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදර නන්දා …..

ආදර නන්දා …..

චමරි වික්‍රමසිංහ - පිලියන්දල
2023-December

උස්කර නොබැඳ ගෙතුවරක් ඇති ලන්දා
ස්වේත පිලි අඳී අභරණ නොම පලඳින හන්දා
සුලං කවුළුවෙන් බේරී පැටවුන් රැකි හන්දා
කෙවිලිය බැබලුනා පොලවෙහි සරණා හන්දා .

කලකදි වහ කදුරු වේ ඈ ගැයු ගී කන්දා
පාලක දනා ගියෙ ඈ දං ගෙඩියට කැන්දා
ලක් මව වාසානාවට ගෙන ආ පණ නළ කැන්දා
රණ ගී ගයයි ඈ සැමදා අපි හන්දා.

සරලය නිහතමානී කෙවිලිය හන්දා
බෝ කෙවිලියන් කොවුලන් ගී පද බැන්දා
සාගර ජලය සේ කඳුලැලි හෙලු හන්දා
අදටත් හිනැහේවී ඒ ආදර නන්දා .

සියක් වසකට ආයු බෝ වේවා !!
කෙවිලිය නන්දා ……….