ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කවි කෙටි

කවි කෙටි

වජිර ජයවර්ධන
2023-January

දිගම දිග රැයවල්
දිගම දිග පැයවල්
තත්පර කටුවටත්
ඕනෙ නැති දේවල්

==================

කෙටිම කෙටි
හරිම පොඩි
විනාඩි කට්ටෙ නං
තියෙන්නෙම එබිකං

==================

ලකුණු වැඩි අය
අඩු අයගෙන්
පාලනය වෙන
රටක උත්තර
නිවැරදි නැත

==================

කඳු දිහා බල බල
හුඹස් වලට
වැඳ වැටෙන අපි…….