ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අහිමි වසන්තය……

අහිමි වසන්තය……

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
2023-August

වසන්තය නුඹ ඈත සිටියදි
පෙම් කළෙමි මම නුඹට රහසින්.
වසන්තය නුඹ මවෙත ඇවිදින්
ම සිත් මිදිලා එ පෙම් දැහැනින් .

දසන්තයෙ රැඳි පිපුණු මල් වල
සුවඳ පැතුවෙමි ලොවට රහසින්
පිපුණ සැම මල් නෙලන්නට පෙර
පරව ගොස් ඇත නොසිතු විලසින්.

අනන්තයෙ දුටු දිලෙන තරු කැට
සමඟ ⁣දොඩමළු වුනෙමි සතුටින්
තරු මුවා විය අහස කළු විය
සිහිනයක් විය ලොවට රහසින්.