ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හදවත පැලුනු සඳ කුමරිය

හදවත පැලුනු සඳ කුමරිය

වෛද්‍ය කමල් විතාරණ - කොල්චේස්ට - එංගලන්තය
2023-January

ඉරයි හඳයි එක අහසෙම සිටියාට
ඉර බැස යයි සඳ අහසට ආවාම
විරසක වී වෙන්වන්නට සිතුවාට
තරු පැටවුන් ගැන මොහොතක් සිතුවාද

වටකරගෙන තරුකැල සඳ සිටියාට
ඉකිගසමින් හඬනාහැටි දුටුවාද
ඒ කඳුලින් මහ පොලොවත් තෙමුනාට
හිරුට දැනෙන්නට හදවත නැතුවාද

අකුනු ගසන හඬ මොකොදයි බැලුවාම
සඳට කෑගසන හිරු මම දුටුවාය
විදිලි කොටන හැටි හිමිහිට බැලුවාම
හදවත පැලුනු සඳ කුමරිය පෙනුනාය