ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හෝඩියේ සුසුම බර ඇයිද මෙතරම්

හෝඩියේ සුසුම බර ඇයිද මෙතරම්

විමල් ඇම්. ගමගේ
2023-May

නිල් නයන තරු කැට කඩයි
තොල් පටින් මුතු කැට වැටෙයි
මුව මඬල වැලපෙයි හඬයි
මගේ හෝඩිය නුඹේ හෝඩිය
ගොළු කරයි අප ගොළු කරයි

නළලෙ තිලකය කදිමයි හැඩයි
ඔසරි පොටටත් ගැළපෙයි හොඳයි
නුඹට මම සුසුමේ දුරයි
මටත් නුඹ සුසුමේ දුරයි
ගොළුයි අප මුනිවත රකියි

මගේ හෝඩිය නුඹට හරි බරයි
නුඹේ හෝඩිය මටත් හරි බරයි