ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අහස් ගව්ව, යොදුන කෙටිව ලෝකෙම එක යායයි….

අහස් ගව්ව, යොදුන කෙටිව ලෝකෙම එක යායයි….

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2023-December

සදට තරුට මල් පෙත්තට, කවි ලිව්වා ඉවරයි

මුහුණු පොතේ ලෝකෙ පුරා, ගමන හරිම කදිමයි

වට්ස් ඇප් වල , වයිබර් වල වල් පල් හරි බොහොමයි

ඇති හැටියට වඩා වැඩියි පෙන්නිල්ලයි , බොරුවයි

ගහ කොල ගැන , දිය ඇලි ගැන, ගී පද අද නෑසෙයි

රොකට් එකෙන් හදට ගිහින්,හිනා වෙන්න දවසයි

ගුවනින් හරි මුහුදින් හරි යන්න ගමන් බොහොමයි

හරි විදිහට ඉතිරියකට ඉඩ නම් අඩු පාටයි

ආදරයට සුවද කවා ලිව්ව,හසුන් කටුගෙයි

ඩේට් නොමැති , ෆෝන් නොමැති එදා පෙමත් කදිමයි

හැංගි හැංගි පෙම්කල හැටි කිව්වම හරි පුදුමයි

අප්පච්චී ඒ ඇත්තද ? සුදු දෝනිත් විමසයි

අහස් ගව්ව, යොදුන කෙටිව ලෝකෙම එක යායයි

ගම , රට අත ළගට ඇවිත් හිතන්න බැරි තරමයි

වෙනස තමයි ඉදිරියටම යන්නෙ කියව බලවයි

අනේ අපොයි නොම කියමින්, යනෙනා අය අරුමයි ……..