ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අව-මගුලක අව නඩුව

අව-මගුලක අව නඩුව

ධම්මික ජයවර්ධන
2022-November

ගිලන් යහනක
වැතිර නිදනා
අම්මෙ ලංකා
පෙම්බරා
දෙන්න අවසර
ගොහින් එන්නට
ඒරොප්පෙ මහ අව-
මගුල ටා

ඉඩක් ලැබුනොත්
බැහැ දකින්නම්
තාර දෙවිත්
නොවරදා
කියන් මගෙ සකි
මහ දිසාවේ
නුඹත් යනවද
නොම දොසා

කුන්කුනාවේ
හිමි සඳත් මට
ලියාදුණි ‘දුක්’
කවි ගොතා
සැකක්නැ මට
පුරන් අප්පුත්
හඩයි එකවි
ගුණ අසා

ඉතින් අවසර
ගොහින් එන්නට
අම්මෙ ලංකා
පෙම්බරා
රනිල් හාමුත්
ගියා හනිකට
උනා ඇදිවත
කිම දොසා

2022 ඔක්තෝබර් 08 වෙනි දින