ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අවජාතක උන්

අවජාතක උන්

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න - ආලංකුඩාව
2023-October

හීන කන්දක් නැති වුණාට
මතු දවස සුබ වෙන්න
කරපු පවක් නැතිවෙන්ට
මම ආවේ සුබ සිතින්
බෝ රජුන් වැඳගන්ට..

සිලි සිලියේ මුදු සුළඟ
සුව කරයි මගේ හිත් බිඳුම
කාලයක් ගෙවුණ අද
බෑ මතක ටික වළදාන්ට…

පොඩි එකිත් එක් කරන්
වැට මායිම පනිනකොට
ඇහුණා මට බෙලෙක් හඬක්
වස් තියෙනවා සුදු වතක් පටලාන. ..

“අවජාතක උන් දක්කගෙන
මඩ ගාන්ට සුද්ද භූමියේ
යන රඟේ මේකිගේ
වන්නම් ටික නටලා කරලා ”

අනේ ඉතින් වක්කඩ කට
වහන්නට ඇහැක් වුණත්
ඇයි ද මං දතකන්නේ
උන්ගේම කුණු ඔපදාන්ට….

අනේ! උබලැයි අපෙයි
කෙස්වලු පැටලෙන්න හැදුවට
උඹේ ඔය කොලු කුරුට්ටෝ
මගේ එකීගේ අයියලා වෙච්චි
උඹේ මිනහගේ වැරදීමකින්ම…

2023/09/02