ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදරයේ මංගල්‍යය

ආදරයේ මංගල්‍යය

වෛද්‍ය ශානි ඇන්තනි - ලන්ඩනය
2021-June

දිය බිංදු මත රැන්දු පෘෂ්ඨිය ආතතිය
හිම බිංදු වට කරන් නැති කිමද කාරණය
සඳ සැංගු රාත්‍රියෙ මඳ අඳුරු වපසරිය
රං ලන්දු ලාලණිගෙ ශෘංගාරෙ දියසුලිය

සමනල්ලු පියාඹා දුර ඇත පැන ගියා
කුරුල්ලොත් කිචිබිචිය නතර කර සැඟ වුනා
සඳ කුමරි තනියෙන්ම වලාකුලු වට කලා
තනිව උන් සුකුමාලි ලාලිත්‍ය ඔප කලා

උත්තුංග දේහයෙන් මන දොලම සපුරනා
අකලංක පිවිතුරු ම ආදරය හඳුනනා
සද්ධන්ත ශෘංගාරෙ හාපුරා අමතනා
කුමරාගෙ හිත අරන් ලාලණිය ඉපිලුනා

06/05/21