ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අමතක වීම!!!

අමතක වීම!!!

ලුම්බිණි විතාන - ලන්ඩනය
2023-September

අහන්න එපා මට මතකද කියලා…..

කියන්න එපා මට මතක් කරන්න කියලා…..

මා එක්ක තරහා ගන්න, වෛර කරන්න එපා….

මා වෙනුවෙන් අඩන්න එපා…..

ඔබ දුකින්

ඒ බව මම දන්නවා…….

ඔබට මෙය දරාගන්න අමාරුයි.

තවමත් මගේ ඇස් දකිනවා ඔබ නොදැක්කට

තවමත් මගේ කන් ඇහෙනවා ⁣ඔබට නොඇසුනාට

එත්………..

මගෙන් අහන්න එපා ඒ මොනවද කියලා ……

එතකොට මට දුක හිතෙයි….. ඔබට තරහා යාවි.

මගේ අමතක වන මතකය අමතක කරන්න.

මගේ ලගින් ඉන්න

මට ආදරය කරන්න

මාව අමතක නොකරන්න.

(මේ ලියවැල Dementia රෝගයෙන් පෙළෙන සුන්දර මිනිසුන් වෙනුවෙන්)