ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුරිරුය ලොව දම්

කුරිරුය ලොව දම්

හසිතා ඉන්දීවරී දාස්වත්ත
2022-August

නෙළා ගත්තු
මලෙක
රැඳෙන්නෙ නැහැ
සුවඳ

දකින කලෙක
මලක
නෙළන්නෙමැයි
සිතෙන

නොනෙළුෑ මල
දකිත
හද පැලෙතැයි
සොවින

නෙළන කලට
මලෙක
රැඳෙන්නෙ නැහැ
සුවඳ

2021. 01. 05