ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අභිනන්දන සත්සරණී

අභිනන්දන සත්සරණී

තුෂාරි ජයසිංහ - මහනුවර
2023-December

ගුරු ගෙදර බිහි දොර
ළමා මණ්ඩපය සරසා
රන්මුතුදූවට ගැලූ ජීවන ගඟ
රන් දහදිය හෙලන්නී ඈ
ලක් දනන් හට සෙත සාදමින්.
සන්නාලියනේ ,
නුඹලාම වෙනුවෙන්.
පෙරදාමහ රෑ
පහන් කන්ද අභියස හිඳ,
ඈ ගැයූ සත්‍යයේ ගිතය
සත්සරය මුසු කොට,
ලක් දනන් තුඩ තුඩ රැව් දී
නීවාලූවා සරතැස .
තරුද නිදන මහරෑක
මද පවනක්ව
සිත් සතන් සනහන්නී
සුදු නෙළුම සේම
ධවල වත දරන්නී
සුමධුර භාෂිනී
මනෝ නන්දනී
නන්දා මාලිනී.
පුදනෙමු පා කමල්
හරසර මුසුකොට
ලක් මවට පැළැන්දුවාට
රන්මිණි කිරුළු
සත්සරට හඬ මුසුකොට