ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අපේ යටගිය මතකෙ වග තුග

අපේ යටගිය මතකෙ වග තුග

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
2022-August

දේව මැදුරේ මල් පැසක් ළඟ
තිබෙන අල්තාරයේ මත හිඳ
ඔබ නමින් ගැයු ගීතිකාවක්
අදත් සවනට ඇසෙයි ඉඳ හිට

ජේසු සමිඳුගෙ දෑස් අභිමුව
ගලා ගිය මහ කඳුළු ගඟ මැද
හාස්කමකින් රැඳී තිබුණා
අපේ යටගිය මතකෙ වග තුග

එදා කල්වාරියට ගිය මග
හෙලූ ලේ කඳුලකට දාව ව
උපත ලද ආදරේ නාමෙන්
කුරුසියට බිලි වුනා සනහස

මරියතුමිය ගෙ බාහුවක හිස
හොවාගෙන දුක් කඳේ හැඩ තල
ඇයත් සමගින් බෙදා ගන්නට
දෙව් මැදුර යළි විවර කර ඇත