ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අනිත්‍ය ය

අනිත්‍ය ය

කලාභුශන කිවිපති .ඩබ්ලිව් කේ සරත් විමලසිරි
2021-August

කිතුල් රෑනක් සදිසි වරලස
යුවතියක යවුවන වියේ
මානවකයකු ගේ නිරන්තර
රැදෙන සිත් මානස විලේ
පහන් වෙනතුරු සිහිනයක් වී
පිපෙන සියපත් මලක් සේ රෑ
සුවඳ විහිදයි හදවතේ

තිසර ලැම රන හංස යුවලේ
අකීකරු බව දකින නයනේ
ඇස් පියන් නොසලමින්
ඇති නැති නමුදු ඈ ළඟ
හුදෙකලා වූ සෑම මොහොතක
බවුන් වඩනා කුමරුනේ
රාග උණු දිය පොදින් තෙත්වූ
හදෙහි විකසිත රත් මලින්

පුළුලුකුල රන් කෙන්ඩියක් වන්
නෙරි පොටින් ඉඟ යටින් දිස්වූ
සළු පටින් සගවා තබා ගත්
නමුදු දෑසින් නුදුටුවත් නිසි
සරන සිත් විල නොතිත් ආසා
මතින් මත්වෙති තරුණයෝ

විය ඉකුත් වී දශක හත අට
දිරාපත් වූ පසුව සියොළඟ
අතුරුදන් වූ නීල වරලස
නෙරා වැටි පියයුරු කණාටුව
වියළි දෙබලක් වන් පුලුල්තල
දකින සඳ නෙත් ඉමෙන් මිදෙනා
තරුණ වැඩිහිටි බාල සත් දන
අහෝ කෙදිනක අනිස බව ලොව
දකිත් දැයි කිවහැකිද කාහට

9.7.2021