ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අන්ධ ගොවියා

අන්ධ ගොවියා

මොනිකා නානායක්කාර - බණ්ඩාරගම
2021-November

අඩ සියවසකටත් වැඩි
කාලයක සිට අප්පච්චි
මඩවලා අම්බරුවො ගෙන
නියර බැඳ නිසි ලෙසට
වක්කඩද අහුරවා
දියද ගෙන නිසි කලට
අස්වැද්දුවත් යායම

පැසී රන්වන් කරල්
සිනාසෙන විට නැමී බිමටම
නුඹේ සිත දුකින් ඇයි
නොවිමසා සිටින මුත්
දනිමි මම හොඳටම

කරගැට පිරුණු දෑතම
අව් වැසි වලින් වියැකුණු
කෙසඟ සිරුරම හිමි
අටු කොටුද නොපිරුණු
ණය බරින් මිරිකුණු

දරුවන්ගෙ දුක් දරා
මිහිකත සෙ බර දරා
ගොවි රජෙක් වුව
සිහිනයකි එය

කුසට බත් ඇටයක් වත්
නිසි ලෙසට නොවැටුණු
බිම් අඟලකුදු හිමි නැති
අඳ ගොවියාද නුඹ

නොමැති නම් ,
මෙතෙක් කල්
සත්‍යය නොදුටු ඒ
” අන්ධ ගොවියාද ”

යන වග
නුඹේ වත දුටු විට
සිතේ මට සැම විට
අඳ කුඹුරටම
පණ යනතුරුම
ආල වඩන …

2021 .10. 04