ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අදුරු සිහිනය

අදුරු සිහිනය

මුදිතා ඩයස් - කොට්ටාව
2023-July

තිබුණා ඉස්සර
ලස්සන හීනයක්
වෙන්න ලස්සන
මනාළියක්…

කරපු තරමට
මහ හුගක්
කොහොම බිදුණද
විශ්වාසයක්..

අදුරු වලා පට
කළුවර මැදින්
හැමුවේ මහ ලොකු
කුණාටුවක්..

පාට පිරුණු
සුන්දර සිහිනයක්
අදුරු වුණු හැටි
පුදුමයක්….