ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මෙලොවයි – එලොවයි

මෙලොවයි – එලොවයි

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2022-February

මෙලොව අපේ ජීවිතයට – සැප සම්පත් පුරවන්නට
සුදු ඇඳගත් කළු මිනිසුන් – කැසකවනව හැමදාමත්
කොපමන නම් කතිර ගහල – ඇතිද කියල මතකත් නැහැ
ඒත් ඉතින් සැපවත් වුනේ – ඔවුන්ගේ සනුහරේ තමයි
අපි තාමත් හැමදාමත් – එකම සිහිනේ නරඹනවා

එලොවට ගෙනියන්න දෙයක් – දිව්‍යය ලෝකේ යාගන්නත්
ආශාවන් අත් හැරලා – පිංකම් කරගන්න කියලා
නොපෙනෙන ලෝකය පෙන්වා
බන ඇහෙනව හැමදාමත්
හම්බ කරපු සොච්චමෙන් – පිංකම් කලෙ සර්ධාවෙන්

බන කිවූ ඒ පිනෙම්මදෝ
මෙලොවදීම ඔවුන් ලබන
රථවාහන තනතුරු හැම
දැක්ක විටදී
(සාදු සාදු සාදු) කියලා – නිකන්ම මට කියවෙනවා

25ජනවාරි 2022