ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අඟුරු හා ගුරු……

අඟුරු හා ගුරු……

පුෂ්පශාන්ත සමරනායක - මොරටුව
2023-November

(“ගුරු විරෝධය විසුරුවා හැරේ”)

පුතේ, මතකද පෙර දිනෙක
අගනුවර….
තරු පැළැඳි නුඹ එද්දි අරගෙන
මුගුර….
සයන ඇති දා අමතකද
නිදි පැදුර….
දිසාපාමොක් හඬයි මහමග
වැතිර….

රජුන් තැනුවා, සෙනෙහෙ බෙදුවා
නොම පතා ගම්වර….
ගෑස් කුමටද, කඳුළු පිරුණා
ලඟට ආ කල ගුගුර….
එදා ලෙසටම පන්තියක හිඳ
රිදුම් දෙන තුරු උගුර….
නුඹේ පුතුටත් හෙට කියා දෙමි
ජීවිතේ මුල් අකුර….

මොරටුව.