
හුදකලාව
අඳුරෙහි ම තෙමි තෙමී
නන්නාදුනන ඉසව්වක සිට
හීත හුළඟක පැටලි
තුරුපතක්
දිය සීරැති ගඩොල’තර
හුදකලා කාමරයක
වීදුරු කවුළුව මතට පාව
ලියන මේසයකට බර ව
නග්න සිතුවිල්ලකට අකුරු අමුණන
ඉඳුණු රෝමැති දෑතක්
වරක් නිහඬව බලා
කහ එළියට විනිවිදින
තුරුපතක බෙදුම් රේඛා
ඉදිරිපස බිත්තියෙ
සිතුවමක් සේ මැවෙන
සුදු මල් රාමුවට කොටු වුණ
මදහාසය අස
සතපා උපැස් යුවළ
බල්බය නිවා දමන