
සිතක් පිරිමැදුමත් ප්රේමෙකී!!
දඟකාර කෙහෙරැළී
මුහුණේ සිනා පිරී
උතුරනා ආදරෙන්
මුලු හිතම යයි පිරී..
උපහාස සැනකෙළී
කවටකම් මිස නැත මැසිවිලී
මුදු හාදු මල් පියවිලී
සියොලඟම පිරිමදී..
සිතක තෙතකට මුල් ඇදී
සෙනෙහෙ ඊතණ පඳුරකී
උරෙහි මත හිස හොවා සැනහෙන
කෙම් බිමට අත පොවන මානෙකී..
සිතුම් ළිහිණින් දුර යතී
හසුන් තුඩු තුඩු ගෑවෙතී
එකම නුබ හිරු සඳුට ලංවී
රසම රහසක් පවසතී..
හඬ නිහඬ විය හැකී
අස සිත ඉගිල්ලෙයි සකී
හිමිකර ගැනුමම නොවේ
සිතක් පිරිමැදුමත් ප්රේමෙකී!!