
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි
සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර
සුලකළ පුවළ ලකඟන සිරි යොවුන් වර
තරකර විසල් වාසල් යතුරු මෙ නුවර
බැඳහළ රුවන් තනපට කියෙලිය පවුර
මෙම නගරයෙහි, යතුරු සහිත විශාල දොරටුවෙන් ශක්තිමත් කළා වූ
ප්‍රාකාරය සමනොළ නම් වූ කෙස් වැටිය ඇති, මහා මුහුද නම් වූ මෙවුල්දම
ඇති සුන්දර වූ ප්‍රෞඩ වූ ලංකාන්ගනාව යෞවන සිරියෙන් සිටිය දී
බැඳගෙන තිබී පසුව අත්හැර දැමුවා වූ රත්තරනින් නිමා කළ තනපටයෙහි
ශෝභාව කියා පෑවේය .